Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳව තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවය.

ඒ අනුව අදාළ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය වන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම් දුන්නේ යැයි ද පෙත්සම්කරු පවසයි.

Related posts

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday

100ක් තවමත් පස් යට.. අරණායක මෙහෙයුම් නවතී.. මහා දනක් දී මියගිය අයට පිං දෙයි

colombotoday