Colombo Today Local News

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එකී පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබීය.

2023 වසරේ අයවැය යෝජනා මගින් විශේෂ විධිවිධාන පනත යටතේ නිෂ්පාදන බද්දට අයත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිතය සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

Related posts

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

colombotoday