Colombo Today Local News

දින 7ක් වයසැති නිවුන්නු දරුවන් විසි පන්දාහට විකුණලා

උපත ලබා දින 7ක් වන නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම කාන්තාවගෙන් රුපියල් 25000කට දරුවන් මිලට ගත් රාගම ප්‍රදේශයේ කාන්තාවක් සහ කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ නිවුන් දරුවන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin