Colombo Today Local News

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම පවතින්නේ මුදල් අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ඊයේ (25)දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මෙම වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහ බැංකුව එවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ද මහ බැංකුව සිදුකරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල කටයුත්තක් වන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔවුන් විසින් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

colombotoday

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

“යහපාලනය බලු වෙලා.. පජාත වෙලා.. කුජීත වෙලා” – එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

කොවිඩ් මළසිරුරු ඕනෑම සුසාන භූමියක වළලන්න අවසර දෙයි

colombotoday