Colombo Today Local News

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවයි.

මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11)දින අවසන් වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

මේ වනවිට වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday