Colombo Today Local News

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ 153 කි.

හම්බන්තොට සහ රත්නපුරය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 150 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 148 ක් බවයි.

සිංහල මාධ්‍යයෙන් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 147 කි.

මන්නාරම, වව්නියාව සහ මුලතිව් සඳහා වන කඩඉම් ලකුණ 145 යි.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 28 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

Admin

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday