Colombo Today Local News

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

වාලච්චේන පොලිස් වසමේ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 80 හැවිරිදි පුද්ගලයෙකු සහ මාස 4ක බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කිලෝ මීටර් 116ත් 117ත් කණු අතරදී මඩකලපුව දෙස සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් වෑන් රථයේ රියැදුරු හා එහි ගමන් කළ බිළිඳෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු සහ කුඩා බිළිඳා මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අනතුර සිදුවන අවස්ථාවේ මරණකරුවන් ඇතුළුව වෑන් රථයේ 7 දෙනෙකු ගමන් කර ඇත.

එහි ගමන් කළ තවත් කුඩා දැරියකට කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

colombotoday