Colombo Today Local News

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

රුපියල් කෝටි 2කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගතවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.

ගනුදෙනුකරුවෙකු රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට මුලින්ම දැනගැනීමට ලැබී ඇතැයි එම නිලධාරියා සඳහන් කරයි.

මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව එම රාජ්‍ය බැංකුවට අයත් මඩකලපුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂාවේදී එම ගනුදෙනුකරු උකස් තබන ලද රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් 12 දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගතවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා පවසයි.

2022 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගතවී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා පවසයි.

ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද පැවසෙයි.

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා යාමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කර ඇත.

Related posts

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

colombotoday

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday