World

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාද්‍ වාර්තා කරයි.

මියගිය පුද්ගලයා දඩයම් කිරීමෙන් අනතුරුව ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී ඇති අතර වෙඩි තැබීම සිදුකළ බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.

මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය පවසා ඇත.

බල්ලා මියගිය පුද්ගලයාගේ සුරතලාද යන්න පිළිබඳ නිල ප්‍රකාශයක් කන්සාස් ප්‍රාන්ත පොලිසිය නිකුත් කර නැත.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Related posts

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්

Admin

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin