Colombo Today Local News

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5) හිමිවිය.

සාමාන්‍යයෙන් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා දින රැස් කිරීමට හැකියාව නොමැත. එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිට විය යුතු වෙයි.

මෙම විවාදය වෙනුවෙන් සභාව එදින රැස් කිරීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමටද පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5) හිමිවිය.

එම ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (4)දින ඉදිරිපත් කරනු ලැබීය.

මේ අනුව, පාර්ලිමේන්තුව එදින උදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස් වනු ඇත. වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙයට පෙර ලැබිණ.

Related posts

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

colombotoday

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin