6 April 2025
Colombo Today Local News

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුනි.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

colombotoday

ජාතියක් ලෙස නැගිටිනවා නම් විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතුයි – වජිර අබේවර්ධන කියයි

Admin