World

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනක් සිදුව තිබේ.

එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6ක් මියගොස් තවත් පුද්ගලයන් සය දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මොන්ටෙරි පාර්ක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.

වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකක වන අතර ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලබා ඇත. වෙඩි තැබීම් සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත්වි ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තුන්වෙනි වෙඩි තැබීම අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රාන්තයේ සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනකු තුවාල ලබා ඇත. මියගිය සිසුන් දෙදෙනා 16ත් 18ත් වයස්වල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූ තුන්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මුස්ලිම් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගනිමින් ඉන්නවා

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයි

Admin

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin