Colombo Today Local News

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23)දින පවත්වා තිබේ.

මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

‘හොරු රකින – බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු’, ‘කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා’, ‘තොපිට සැප – අපිට බදු – වැඩබිම පාරට’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදී ඇත.

මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.

Related posts

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin