Colombo Today Local News

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්විය.

“2024 අයවැය සඳහා තරුණ යෝජනා” යන තේමාව ඔස්සේ පළමුවැනි දින විවාදය පැවැත්වුණු අතර, දෙවැනි දින විවාදය පැවතියේ “දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කාර්ය භාරය” යන තේමාවෙනි.

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත අයවැය යෝජනා පිළිබඳව තරුණ තරුණියන්ගේ අදහස් විමසා බැලෙන මීළඟ තරුණ පාර්ලිමේන්තුව එළැඹෙන නොවැම්බර් මස 18 හා 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සඳහන් කරයි.

Related posts

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

ශාසනාරක්ෂක සභාව 7 නුගේගොඩට.. ඥාණසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Video)

colombotoday

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

ත්‍රීකුණාමලේ තැන් හතරක බුදු පිළිමවලට ප්‍රහාර.. වැලිඔය බුදු පිළිමයට කලුතෙල් වත්කරලා !

colombotoday