Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

ක්‍රිකට් වගේම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අමාරු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9)දින පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවන බව පැවසූ හිටපු ජනපතිවරයා වසර විස්සකට පෙර සිට එහි දූෂණය ක්‍රියාත්මක වූ බවද සඳහන් කළේය.

රටේ හොරකම වැළැක්වීමට ශක්තිමත් නීති ගෙන ආ යුතු බවද ඔහු කීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි දුරටත් කියා සිටියේ….

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට එහාට දිව යනවා. දූෂණ වංචාව අද මේ රටේ තියෙන්නෙ ක්‍රීඩාවේ පමණක් නොවෙයි. අද රටේ හොරකම දුෂණය නැති තැනක් නැහැ.

මේ අය මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට. ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා. මේ රටේ කුඩුකාරයෝ පාතාල කාරයෝ වංචාකාරයෝ බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි. යනුවෙනි

Related posts

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday