Colombo Today Local News

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08)දින නිවේදනය කරයි.

උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව, කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.

Related posts

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

colombotoday

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday