Colombo Today Local News

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

කොළඹ තුරඟ තරග පිටිය ප‍්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියම කර තිබේ.

සැකකාර තරුණයා මානසික අබාධයකින් පෙළෙන බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කොට ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත.

කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකාර චතුරංග ද සිල්වා නමැති සිසුවා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතියය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කර ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි කොළඔ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණීයකී.

Related posts

7 වැනිදා අර්බුදය නොවිසදුනොත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක්… මහ ලේකම් ලංකාවට…

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

colombotoday

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday