World

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගෙන තිබේ.

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බවත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි.

හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුවිණි.

හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවත් අනුමාන කෙරේ. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් 16 දෙනකු මියගිව බවත් කුඩා දරුවන් කීප දෙනකු ද ඒ අතර සිටින බවත් පැවැසෙයි.

Related posts

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට ගල් හා බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin