Colombo Today Local News

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙට (8)දින විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

Related posts

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday

රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා.. ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළට

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

Admin

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday