Colombo Today Local News

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙ‌කු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට පැමිණ තිබේ.

පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කරන්නේ, ඔවුන් හමුවීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යල නිලධාරීන් පිරිසක් ගොස් ඇති බවයි.

ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් එම පිරිස ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට කටයුතු කරනු ඇති.

මේ වනවිට ගාසා තීරයේ පවුල් 3කට අයත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු රැඳී සිටී.

ඉන් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක රැඳී සිටින අතර ඔවුන් ආරක්ෂිතව සිටින බවද පලස්තීනයේ ශ්‍රි ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කරයි.

Related posts

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

ගත්පියවර ආපස්සට ගන්නේ නැහැ… රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා…

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin