Colombo Today Local News

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය පවසයි.

හදිසියේම මෙම ගින්න හටගෙන ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න නිවීම සදහා කටයුතු කරනු ලැබුවත් මහා ගිනිදැල් පාලනය කිරීම සඳහා වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ දෙකක් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද කැඳවීමට පියවර ගෙන ඇත.

වරින් වර ගින්න මැඩ පැවැත් වුවත් අද අලුයම වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නොතිබුණි.

ගින්න හේතුවෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි සිදුවීම සම්බන්ධයෙන් අද 28 අලුයම වන විටත් වාර්තා වී නොතිබුණි.

Related posts

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

කරුට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් නෑ… ආණ්ඩුවේ තීරණය මෙන්න…

colombotoday

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

රිලා ප්‍රශ්නයට බ්‍රොයිලර් නතර කරන්න කිවුවේ විහිළුවට

Admin