Colombo Today Local News

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු අවුකන බුද්ධප්‍රතිමාවට මෙරට ”හිටි බද්ධ ප්‍රතිමා වහන්සේ ”අතුරින් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජතුමන් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවූ බව ඉතිහාසයේ සඳහන්ය.

ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේමෙරට අතීත කලාශිල්පයේ අද්විතීයබව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරය ද එහි දක්නට ලැබුණි.

Related posts

අන්තවාදීන්ට උඩගෙඩි දි ආගමික ගැටුම් අවුලවා රටේ ප්‍රශ්න අමතක කරවීමටද යහපාලනය මේ සැරසෙන්නේ? – ජානිපෙ

colombotoday

ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා… ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියේ එනිසයි…

colombotoday

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday

කැලණියේ CCTV ගැලවූ සිසුන් 30කගේ දෙවසරක ශිෂ්‍යභාවය අහෝසි කරයි

colombotoday

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

colombotoday