Colombo Today Local News

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

කොළඹ ජාතික කෞතුකාගාරයේ එළඹෙන 5 සහ 6 දෙදින පැවැත්වෙන විශේෂ උත්සවයකදී මීට වසර 200කට පමණ පෙර මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ හයක් නැවතත් ශ්‍රී ලංකාවට බාර දෙන බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

පසුගිය අගෝස්තු මස නෙදර්ලන්ත සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදී එම කෞතුක භාණ්ඩ වල හිමිකාරීත්වය පැවැරීමේ නිල ලියකියවිලි වලට අත්සන් තැබූ බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.

මෙම අවස්ථාව මහ ජනතාවට විවෘත බවත් එහිදී දෙරටේ ඉතිහාසය පිළිබඳ තරුණ සහ මහලු ජනතාව සියලු දෙනා දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට ජාතික කෞතුකාගාරය සැලසුම් කර තිබෙන බවත් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ නෙදර්ලන්ත තානාපති ඩිවි වැන් ඩ වියර්ඩ් මහත්මිය නෙදර්ලන්තය වෙනුවෙන් කෞතුක භාණ්ඩ බාර දීමේ කටයුතු අධීක්ෂණය කරන බව තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

මෙලෙස කෞතුක භාණ්ඩ බාර දීම මගින් දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවැසුවේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

විග්නේෂ්වරන් වැටට උඩින් පනී.. රජයට හොරෙන් බ්‍රිතාන්‍ය සමග ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday