Colombo Today Local News

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරන්නේ, ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000ක් පමණ බඳවා ගන්නා බවයි.

ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද(27)දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනූව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා, පසුගිය 24 වැනිදා විශ්‍රාම ගියේ ය.

Related posts

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

colombotoday

ශිෂ්‍යත්ව කඩඉම් ලකුනු නිකුත් වේ.

Admin

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin