පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය හමුවූ බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ නායගිය ස්ථානයේ දුරකථන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අනුර ජයවීර 68 හැවිරිදි නමැති අවිවාහකයෙකු බව පොලිසිය කියයි.
එම අනතුර අද (22) අලුයම 12.20ට පමණ සිදුව තිබිණි. යුද හමුදා නිලධාරීන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිරුර සොයාගන්න තිබේ.
එම නාය යාමෙන් පේරාදෙණිය නගරයේ වෙළඳ ස්ථාන හතරක් පමණ විනාශ වී ඇති බවද පොලිසිය කියයි.