Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මරමස්ථාන ඉලක්කකොට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබි තිබියදිත් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් පෙත්ම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12)දින තීරණය කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙසත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දියක් ගෙවන ලෙස හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙසත් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මේ සියලු මුදල් එකතු කර එහිදී ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවටත් නියෝග කළ විනිසුරු මඩුල්ල බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙසත් නියෝග කර ඇත.

එමෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලත්ත ජයවර්ධන මහතාට මාස 6 ක් තුළ වහාම විනය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග නියම කර තිබේ.

මෙහි කටයුතු වහාම අධීක්ෂණය කර තම අධිකරණයට වාර්තාකරන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීම ද කළේ ය.

Related posts

ඉංජිනේරු සංස්ථා GMගේ පොකැට්ටුවට විද්ද ඇමති සජිත්ගේ සංවිධායක අත්අඩංගුවට

colombotoday

මට තියෙන ප‍්‍රශ්නය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවෙ තියෙන වැරැද්ද මොකක්ද කියලා – (යුධ මෙහෙයුම, ඇවන්ගාඩ්, එක්නැළිගොඩ සහ රතු අලි ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව)

colombotoday

නැගෙනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි

colombotoday

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday