ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්ස විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම වෙනස සිදුකර ඇති බවයි.
ඒ අනුව, එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදී තිබේ.
හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන් සූර්ය කුමාර් යාදව්ට මෙම වගකීම පවරා ඇත.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිතය.