ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැකකරුවන් අතර කාන්තාවක් ද සිටි.
තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී ඇත.
ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.