Colombo Today Local News

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

වත්මන් වෙළෙඳ ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි ඊයේ (10) මාධ්‍ය අමතමින් පැවසීය.

බිත්තර ආනයනය කිරීමේදී ශීතකරණ සහිත බහාලුම්වල බිත්තර රැගෙන ආ යුතු බව ත් එය ආහාර ප්‍රවාහනයේදී ලෝක නීතිය බවත් එලෙස සෙල්සියස් අංශක 6ත් 10ත් අතර සිසිලනයක් යටතේ රැගෙන ආ යුතු බිත්තර පැය 72කට වඩා වැඩි කාලයක් තබා ගත නොහැකි බවත් ඔහු කීය.

එලෙස තබා ගත හැකි වන්නේ ද සාමාන්‍ය ශීතකරණ තුළ නිසා එම බිත්තර විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීමට නම් ඒ සඳහා ශීතකරණ ද තිබිය යුතු බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එසේ නොමැතිව පැය 72ක් ඉක්මවා විකුණන බිත්තරයක් යනු 50%ක් නරක් වූ බිත්තරයක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මෙවැනි තත්ත්වයක් යටතේ ආනයනය කරන බිත්තර ආමි එකට හෝ කේක් වැනි දෑ නිෂ්පාදනය කරන බේකරිවලට ලබා දිය හැකි බව ද අවධාරණය කළ සභාපතිවරයා තමන්ට දැන ගන්නට ඇති පරිදි ප්‍රථම අදියරේදී ගෙන එන බිත්තර ප්‍රමාණය මෙරට දින දෙකක බිත්තර නිෂ්පාදනය බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ආමි එකට හා බේකරිවලට දැනට යන්නේ මෙරට නිෂ්පාදන කරන බිත්තර බැවින් වෙළෙඳපොළෙහි බිත්තරවල යම් මිල අඩුවීමක් සිදු විය හැකි බව ත් ලබන සෙනසුරාදා වන විට තමන් බිත්තර තොග මිල රුපියල් 50/-ට වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ත් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග නාකොටික් නිලධාරීන් අතර සිදුවු සංවාද සහිත හඩ පට එළියට

colombotoday

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday