World

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.

සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි.

එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය.

එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව ලෝක දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත්තේ, දෙරට අතර තරඟයක් ඇතත්, එය ගැටුමක් දක්වා වර්ධනය නොවන බවට සහතික විය යුතු බවයි.

සුපිරි බලවතුන් ලෙස වගකීමෙන් සහ වගවීමේන් දෙරට අතර සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද මෙම හමුවේදී අමෙරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අමෙරිකා – චීන සබඳතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බවයි.

Related posts

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් හමාස් 80 ක් නසිති. හමාස් නායකයාගෙන් නිවේදනයක්. 200 ක් මරා දැමු බව ඊශ්‍රායලය කියයි.

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday