Colombo Today Local News

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ ගැන කඩිනම් වාර්තාවක් අවශ්‍ය බව කී විපක්ෂ නායකවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට තමා මීට පෙර පැවසූ බව කී සජිත් ප්‍රේමදාස මහතා බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වූ තෙල් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බව ද පැවසීය.

බාල තෙල් ගෙනා නැවට වූයේ කුමක්ද? ඒ පරීක්ෂණ වාර්තා වලට වුයේ කුමක්ද? අමාත්‍යාංශ සහ අදාල ආයතන මේ ගැන ගත් තීන්දුව කුමක්ද? එම තෙල් ත්‍රිකුණාමලයට සහ කොලොන්නාවට යවා තිබෙනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

colombotoday