Colombo Today Local News

අත් පා නොමැති කාන්තා මළ සිරුරක් වැවකින් මතු වෙයි

වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

මළසිරුර පිළිබඳව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාල වැවට ගොස් මළසිරුර ගොඩට ගැනීමට කටයුතු කර ඇත.

සොයාගත් කාන්තා මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ අත් දෙක සහ එක් පාදයක් නොතිබූ බවටද අත් දෙක හා පාද යමෙක් විසින් කපා ඇතැයිද සැක පල කරන හෙයින මෙය ඝාතනයක් විය හැකි බවටද පොලීසිය සැක පල කර‍‍යි.

එමෙන්ම කාන්තාවගේ සිරුර ස්ථාන රැසකින් සතුන් විසින් කා දමා ඇති හෙයින් හඳුනා ගැනීමටද අපහසු වන අතරම මෙම මළසිරුර දින කිහිපයක් තිස්සේ මෙලෙස ජලයේ තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

Related posts

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගම

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

ගෝඨා සී.අයි.ඩී කැදවයි

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin