World

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවයි.

ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.

Related posts

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday

ඇමැතිවරු දිවුරද්දී ජනාධිපති මැදුර ඇතුළෙන් මතුවුණේ මිනීමරු දිවියෙක්ද ?

Admin

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

colombotoday