Colombo Today Local News

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

රාජ්‍ය සේවකයාට රුපියල් 10000ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු පැවසීය.

වැට් බද්ද නිසා අද සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවද මහාචාර්යවරයා කීය.

දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

Related posts

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

ගඩාෆිට කරපු දේ ජනපති මෛත්‍රීට කරනවායි කියූ රත්නප්‍රිය ත්‍රස්ත විමර්ශනයට කැදවයි…

colombotoday

කෝටියකට අධික වටිනා කුෂ් ගංජා මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

“කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා” – දිලිප් වෙදආරච්චි

colombotoday

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday