Colombo Today Local News

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම, බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, බලපත්‍ර ලක්ෂ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති සමෘද්ධී ප්‍රජා මූල බැංකු සහ සමෘද්ධී ප්‍රජා මූල බැංකු සමිති සහ ගොවි සංවිධාන නියාමනය කරනු ලබන සහ අධීක්ෂණය කරනු ලබන මහ බැංකුව සහ අදාල නියාමන අධිකාරි සමඟ සම්බන්ධීකරණය කිරීම සහ බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන්ගේ සහ බලපත්‍රලත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතෙන් විධිවිධාන සැලසේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday