Colombo Today Local News

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී හෙට (11) පස්වරු 3.30 ට සිදුකෙරේ.

මෙම සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද මෙම සන්ධානය නියෝජනය කරන බව ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගීවීමට නියමිත බව ද ඔහු කීවේය.

Related posts

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Admin

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

ප්‍රථිකාර සේවා ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin