Colombo Today Local News

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කර තිබේ.

එහෙත් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන12 වන දින මහර අධිකරණයෙහි පවතින නඩු කටයුත්තක් නිසාවෙන් සැකකරුවන් දෙදෙනා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා අද (10)දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට මුහුණ දුන් අතර එහි සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරීන් පස් දෙනෙකු පෙනී සිටින ලදී.

ඉන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හතරවන විත්තිකරු වන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තා හදුනා ගැනීමට සමත් වූ අතර පස්වන සැකකරැ වන කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක යන සැකකරැ කිසිදු සාක්ෂිකරුවකු විසින් හදනා ගැනීමට අසමත් වි ඇත.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයෙනු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි නඩු කටයුතු අප්‍රියෙල් මස 25 දින දක්වා කල් තබා තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ඩිල්ෂාන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදී

Related posts

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

colombotoday