Colombo Today Local News

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව ගුවන් තොටුපළේ උසස් නිලධාරියෙක් පවසයි.

මෙම සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

මොහු ඇතුළු තිස් දෙනකුගෙන් සමන්විත වන්දනා නඩයක් කේරළ ප්‍රාන්තයේ පිහිටි මෙම දේවාලය වන්දනා කිරීමට යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මේ අය අතරින් විසිදෙනකු සතුව කිලෝ 30 බැගින් අබිලි යකඩ අඩංගු පාර්සල් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

වත්තල ප්‍රදේශයේ පිහිටි අබිලි යකඩ අලෙවිකරණ ස්ථානයකින් මේවා ඉන්දියාවට රැගෙන ගොස් විකිණීමට මිලදී ගත් බව එම පිරිස පොලිසියට පවසා ඇතැයි කියති. ටී 56 උණ්ඩය තිබී ඇත්තේ මෙසේ එක් අබිලි යකඩ ද්‍රව්‍ය පාර්සලයක් ළඟ තබාගෙන සිටි අයකු සතුව තිබූ එම පාර්සලයේ යැයි පොලිසිය පවසයි.

Related posts

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin