Colombo Today Local News

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයෙදී වැලි ව්‍යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මංඩලයට අයත් පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව විදුලි විසන්ධි කිරීමේ කටයුතු වල නිරත ව සිටි සේවකයින් දෙදෙනෙකු බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

මුක්කු තොඩුවාව ප්‍රදේශයේ අදාල වැලි ව්‍යාපාරිකයාගෙ ව්‍යාපාරික ස්ථානයෙ පසුගිය මාසයක විදුලි බිල නොගෙවිම හේතුවෙන් අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර ආපසු අදාල ස්ථානයෙන් පිටව යාමට පැමිණේමින් සිටියදී මෙසේ දන ගස්සවා අමානුෂීක ලෙස පහර දී ඇත.

අදාල ස්ථානයට ගිය විදුලි විසන්ධි කිරිමේ සේවකයින් දෙදෙනා සඳහන් කරන්නේ, විදුලිය විසන්ධි කිරීමට පෙර එම ස්ථානයෙ කාන්තාවක් දැනුවත් කිරිමේන් පසු විදුලිය විසන්දි කළ බවයි. ඒමෙන් බිල ගෙවිමේන් පසු නැවත විදුලිය ලබා දීමට පැමිණේන බවද දැනුම් දුන් බවයි.

Related posts

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday