Colombo Today Local News

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබේ.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවනු ලැබීය.

විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කර තිබේ.

ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසකවීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදී ගැටලු මෙන්ම ළමා ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් අවධානය යොමු කර ඇත.

එම වාර්තාව පහතින් දැකිය හැකියි

Related posts

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නංවන්න ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසකගෙන් සහය

Admin

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

Admin