Colombo Today Local News

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

Related posts

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

දිස්ත්‍රික් දහයක ඩෙංගු අධි අවදානමක්

colombotoday

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin