Colombo Today Local News

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මේ වස⁣රේ රේගුවෙන් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655ක් පමණක් බවද මන්ත්‍රීවරයා පවසීය.

ලංකාව වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන තිබෙන බවත් 2020 වසරේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලිව්, මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස විකුණන්න තිබෙන බව ඔහු කීය.

තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එලියට ඇවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ රේගුව මොකටදැයි ප්‍රශ්නකළේය.

Related posts

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

colombotoday

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

colombotoday