Colombo Today Local News

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම ත්‍රිරෝද රථයේ අයිතිකරු අලුබෝමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ අලුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා පානදුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසු වේ.

අලුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු මිරිස්වත්ත ප්‍රදේශයේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී බීමතින් ත්‍රීරෝද රථයක් පැදවූ බව කියන එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථය පොලිස් කොස්තාපල් විසින් පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටි අතරවාරයේ මේ බව දැනගත් ත්‍රිරෝද රථයේ හිමිකරු මන්නා පිහියක්ද රැගෙන පැමිණ පොලිස් කොස්තාපල්වරයාට එයින් කොටා ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා එම මනා පිහිපාර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ එක් අතක ඇඟිලි දෙකකට තුවාල සිදුවී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කියයි.

ත්‍රිරෝද රථයේ අයිතිකරු පළා ගොස් ඇති අතර පසුව ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

colombotoday

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

දේශපාලන කුණාටුවෙන් දකුණ කැළබෙද්දී “ගජ“ උතුරට කඩා වදී…

colombotoday

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

colombotoday

බැදුම්කර හොරුන් කිය අපට චෝදනා කළොත් ශ්‍රීලනිප ඇමතිලාගේ සියළු හොරකම් එළි කරනවා – එජාපය දන්වයි

colombotoday