Colombo Today Local News

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවීමට පියවර ගෙන තිබිණ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම, ගුණාත්මක බවින් තොර ඖෂධ භාවිතය,දත්ත මැකීයාම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ජාතික ඖෂධ නියාමන අධිකාරියට පාර්ශව රැසක් චෝදනා එල්ල කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමට පසුගියදා කටයුතු කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එවැනි අර්බුදකාරී තත්වයක් පවතින පසුබිමකයි.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරමිනි.

Related posts

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday

උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

colombotoday

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday