Colombo Today Local News

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථා වලදී පැමිණ ඇති සැකකරැ “උඹ නාන්නේ නෑ නේද? නෑවේ නැත්නම් ගිනි තියනවා” මෙයට පෙර පවසා ඇති බවත් ඒ අනුව ඊයේ(29) රාත්‍රි කාළයේදී ඒ ආකාරයෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවත් පවසයි.

එම අවස්ථාවේදී ම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.

එම ඝාතනය සිදුකල බවට සැකපිට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

colombotoday