චීනයේ හිටපු අගමැති Li Keqiang මියගොස් තිබේ.
පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ Li Keqiang මියයන විට ඔහු 68 වැනි වියේ පසුවිය.
එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බවයි.
ඔහු අද (27) අලුයම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුටත් පැවසීය.