Colombo Today Local News

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

ත්‍රිරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියමින් ඔක්කම්පිටිය නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

මූලික විමර්ශනයක් පවත්වා මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය පරිපාලන කටයුතු භාර පොලිස් අධිකාරීවරයා විසිනි.

වැඩ තහනමට ලක්වූ මෙම පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීරයකුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් යැයි වාර්තා වේ.

ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

ඔක්කම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

colombotoday