කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තයේ තබා ගනිමින් ඒවා ප්‍රචාරය කිරිමේ නිරතව සිටී සෞඛ්‍යය සේවකයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයකු වශයෙන් රැකියාවක නිරතව සිටි (34) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මොහු සම්බන්ධයෙන් කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඊයේ (24)දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.