තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ.
හමාස් සටන්කාමීන්, එම වැඩිහිටි කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කර ඇත.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.
තවත් ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති.