Colombo Today Local News

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහ රජයට ලාබ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත ඒකාබද්ධ කරන කළේ ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය ධුරයේ අද (24)දින වැඩ බාර ගනිමින් මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් බවටත් ඒකාබද්ධ කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ජනාධිපතිගේ මීළඟ ඉලක්කය වන හරිත ආර්ථිකයක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බව කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල මහතාට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

Admin

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

ඇලෝසියස්ට – පලිසේනට ප්‍රභූ සිරමැදිරියක්…

colombotoday

ඇමති පුතාගේ මල්ල තර කර ගන්න ජාතික පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම තවමත් හොර පාරේ!

Admin

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday